ඔයාට දැනගන්න ඕනෙ මොනවද?

Sriboard එක ගැන දැනගන්න ඕනෙ දේවල් මෙතනින් සර්ච් කරලා හරි, පල්ලෙහා තියෙන මාතෘකා වලින් හරි හොයලා බලන්න.

මාතෘකා (Categories)

ඔක්කොම

Sriboard ඇප් එක ඕපන් කරන්න. පියවර 1: "Enable Sriboard +" ඔබලා ෆෝන් එකේ Android Keyboard settings වලින් Sriboard එක "ON" කරන්න (Android වලින් දෙන සාමාන්‍ය Warning එකට OK දෙන්න). පියවර 2: "Switch to Sriboard +" ඔබලා "Choose input method" ලිස්ට් එකෙන් Sriboard තෝරන්න. අන්තිමට Privacy Policy එක Accept කරාම වැඩේ ඉවරයි!
මේක ඕනෑම පිටින් දාන (Third-party) කීබෝඩ් එකක් On කරද්දී Android එකෙන් ඔටෝ දෙන සාමාන්‍ය Warning එකක්. Sriboard එක 100% ක් වැඩ කරන්නේ Offline. ඒ නිසා ඔයාගේ පාස්වර්ඩ්, බැංකු විස්තර, ටයිප් කරන කිසිම දෙයක් කොහේටවත් යන්නේ නෑ. කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න.
ඇප් එකේ "Settings" > "Typing & Prediction" වලට ගිහින් "Singlish Prediction" කියන එක On කරලා තියන්න. ඊටපස්සේ සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ටයිප් කරන්න විතරයි තියෙන්නේ. (උදාහරණයක් විදිහට "kohomadha" කියලා ගැහුවම ඔටෝම "කොහොමද" කියලා වැටෙනවා).
Sriboard එකේ කීබෝඩ් එක උඩම ඇඟිල්ල අදින (Swipe කරන) පැත්ත අනුව සුපිරි වැඩ කෑලි ටිකක් තියෙනවා: 👉 දකුණට අදින්න (වමේ ඉඳන් දකුණට): කොපි කරපු දෙයක් පටස් ගාලා Paste වෙනවා. 👈 වමට අදින්න (දකුණේ ඉඳන් වමට): වචනෙන් වචනේ ඉක්මනට මකාගෙන (Delete කරගෙන) යන්න පුළුවන්. ☝️ උඩට අදින්න (පල්ලෙහා ඉඳන් උඩට): අකුරු සහ Symbols/Numbers (Shift එක) අතර මාරු වෙන්න පුළුවන්. 👇 පල්ලෙහාට අදින්න (උඩ ඉඳන් පල්ලෙහාට): අතින් වැරදිලා මැකුණ අන්තිම වචනයක් ආයෙත් ගන්න (Undo කරන්න) පුළුවන්. ↔️ Spacebar එක උඩ අදින්න: Spacebar එක ඔබාගෙන වමට හරි දකුණට හරි ඇද්දම Typing Cursor එක ලේසියෙන්ම එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්.
ඔයා මොනවා හරි Cut හරි Copy හරි කරපු ගමන් Sriboard එක ඒක සේව් කරගන්නවා. කීබෝඩ් එකේ Quick Actions වල තියෙන Clipboard අයිකන් එක එබුවාම කලින් කොපි කරපු ඔක්කොම ටික බලාගන්න පුළුවන්. ඒ වගේම Paste කරාම "Pasted!" කියලා උඩින් ලස්සනට වැටෙනවා.
Spacebar එක ඩබල් ටැප් කරාම (වේගෙන් දෙපාරක් එබුවාම) ඔටෝම Full stop එකක් එක්ක Space එකක් වදිනවා. මේක වැඩ කරන්නේ ඇප් එකේ Settings > Typing & Prediction වලට ගිහින් "Double-tap Space for Full Stop" කියන එක On කරලා තිබ්බොත් විතරයි.
Space එක මිලි තත්පර ගාණක් ඔබාගෙන ඉන්න. එතකොට පොඩි Popup එකක් ඇවිත් පටස් ගාලා සිංහල, English භාෂාව මාරු කරගන්න පුළුවන්. ටයිප් කරන එක නවත්තන්නේ නැතුව භාෂාව මාරු කරන්න මේක පට්ට ලේසියි.
නිතරම ටයිප් කරන දිග වචන වලට ෂෝට්කට් හදාගන්න මේකෙන් පුළුවන්. ඇප් එකේ "Quick Text" වලට ගිහින් "+ ADD NEW SHORTCUT" ඔබන්න. කොට වචනෙට "mk" කියලත්, දිග එකට "mokada karanne" කියලත් දීලා සේව් කරන්න. ඊළඟ පාර "mk" කියලා ගහද්දිම "mokada karanne" කියලා ඔටෝ එනවා!
ඇප් එකේ Settings > Add-ons & Tools වලට යන්න. එතනින් ඔයාට Utility Toolbar එකක්, Number Row එකක් (ඉලක්කම් පේළිය), Dev Tools Row එකක් (කෝඩින් කරන අයට Symbols ටික), අලුතින් ගහපු Screenshots යවන්න ලේසි වෙන්න Recent Screenshots කෑල්ලක්, වගේම කීබෝඩ් එක ඇතුළෙම සින්දු අහන්න පුළුවන් Mini Music Player එකක් පවා On කරගන්න පුළුවන්!
ඇප් එකේ "Themes" (Design Studio) එකට යන්න. එතනින් ඔයාට කලින් හදපු ලස්සන Themes (Clear Glass, Dark AMOLED වගේ) තෝරන්න, ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් Background එකට දාන්න, එහෙමත් නැත්නම් අකුරු වල පාට, බෝඩර් වල පාට සහ Aurora RGB Effect එකක් පවා දාලා ඔයාටම කියලා Theme එකක් හදාගන්න පුළුවන්!
Design Studio එකේ පල්ලෙහාටම ගියාම "Advanced Effects & Gestures" කියලා තියෙනවා. ඒකෙ "Key Touch Particles" On කරාම, අකුරු ටයිප් කරද්දි ලස්සනට ගිනි පුපුරු (Fire), හිම වැටෙනවා (Snow), Matrix වගේ Effects කීබෝඩ් එක උඩින් වැටෙනවා දකින්න පුළුවන්!
ඔව්! Design Studio (Themes) එකේ "Size & Shape" වලට යන්න. එතන තියෙන Sliders එහෙට මෙහෙට කරලා ඔයාගේ ෆෝන් එකේ තිරයට ගැලපෙන විදිහට කීබෝඩ් එකේ උසයි (Height) පළලයි (Width) ගාණට වෙනස් කරගන්න පුළුවන්.
ඇප් එකේ "Font Store" එකට ගිහින් Abhaya Libre, Yaldevi, Roboto වගේ ලස්සන සිංහල සහ English අකුරු ජාති (Fonts) ඩවුන්ලෝඩ් කරලා දාගන්න පුළුවන්. ඒ වගේම "Emoji Store" එකට ගිහින් Noto, Twemoji, Blobmoji වගේ එක එක ජාතියේ Emoji Styles මාරු කරගන්නත් පුළුවන්.
ඇප් එකේ "Backup" වලට යන්න. ඔයා සේව් කරපු වචන, කීබෝඩ් එකේ Settings ඔක්කොම AES-256 කියන සුපිරිම ආරක්ෂිත ක්‍රමයට Encrypt කරලා තමයි සේව් වෙන්නේ. "CREATE SECURE BACKUP" එබුවාම ඒක ෆෝන් එකේම සේව් වෙනවා. (විශේෂ දැනුම්දීම: ඔයා දෙන Password එක නැතුව අපිටවත් මේ Backup එක අරින්න බෑ. ඒ නිසා Password එක අමතක කරගන්න එපා).
Sriboard එක ඔයා ටයිප් කරන වචන මතක තියාගන්නේ ෆෝන් එකේමයි (Offline). ඒ නිසා ඔයා නිතරම ටයිප් කරන වචන පටස් ගාලා Suggest කරනවා. ඇප් එකේ "My Words" වලට ගියාම ඔයාගේ සේව් වුණ වචන ගාණ බලාගන්න වගේම, ඕනේ නැති වචන තියෙනවා නම් මකලා දාන්නත් පුළුවන්.